ප්රදීපාගාරය හා නොදන්නා සඳ | Unknown Luna
"උඹ මාව අන්දනවා නෙමෙයි නේ? හැබැයි පුතෝ එහෙම කරලා තිබුනොත් මගෙන් බේරෙනවා නෙමෙයි!" මම තුන්වෙනි වතාවටත් එහෙම කිව්වේ අදිත කියන්නේ ඇත්තමද කියල දැනගන්න. අදිත මං දිහා තරහෙන් වගේ බලල මොනවද කියන්න හැදුවත් ආයේ ඕනේ නෑ කියන්න වගේ ඔලුව වනල වාහනේට හයියෙන් තට්ටුවක් දැම්මා. අපි දැන් අතරමන් වෙලා ඉන්නේ කිව්වට වැඩි...

















