සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්.....
...
දුමී අයියගේ ගෙම්බෙක් ස්ටෝරියයි, සඳරැ මලයගේ අලි ස්ටෝරි එකයි දැක්කහම මගෙත් පොඩ්ඩක් විතර මුඛ ප්‍රදේශයේ කැහිල්ලක් ආවා. හැබැයි ඒක දුමී අයියගේ තරම් සැරට ආවේ නෑ. ලාවට වගේ. හැබැයි ඉතින් මේක කියවලා අන්තිමට සඳරැ මල්ලී මාත් එක්ක අවුල් වෙයිද දන්නේ නෑ. ඒ කාලේ.. ඒ කාලෙ කිව්වේ මීට අවුරැදු සෑහෙන කාලෙකට කලින්...
2011.04.29 වළා හංදිය,එලොව. ජංගි පුතේ, බංකි පුතේ, උඹේ සැප දුක් කෙසේද ?. මට නම් වැඩි සනීපයක් නැත. මේ දවස් වල මට නම් වැඩි හොඳක් නැත. දොස්තර මහත්තයා නම් කිව්වේ මට නිව්මෝනියා ද මොකක්දෝ කියාය. මගේ ඇස් පෙනීමත් දැන් එන්න එන්නම හොඳ නැත. මේ ලියුම ලියන්නේද අල්ලපු ගෙදර එකීට කියලාය. මං...
අපි මිනිස්සු...... මිනිස්සු ජීවත් වෙන්නේ බලාපොරොත්තු හින්දා...... ඒ මිනිස්සුන්ට බලාපොරොත්තු දෙන්නෙත්,බිඳදාන්නෙත්.... ක වු ද . . . . . ? ක වු ද . . . . ?
එදානම් මාරම දවසක්. මාරයි කියන්නේ කියලා වැඩක් නෑ. උදේට නැගිටුනේ හවස 4ට විතර. ඇදෙන් නැගිටලා, දත් වහල්ලත් උඩින් පල්ලෙන් අතුල්ලගෙන මූණට වතුර පොඩ්ඩක් ස්ප්‍රේ කරලා. හොඳට මූණ හෝදලා එලියට එනකොට හවස 6ට විතර ඇති. ඊට පස්සේ දවල්ට කෑවා. දැන් හරි. දැන් ඉතින් තියෙන්නේ දෙයියනේ කියලා තියන දෙයක් හිතට අරගෙන අතට...
ඕක නැතුව ඉන්නම බැරිද හැබෑට...? එකෙක් කියනවා ජීවත් වෙන්න අරක ඕනෙමලු. ආච්චිගේ රෙ...... එතකොට ඌට බඩගිනි හැදුනහම අරක කාලද ජීවත් වෙන්නේ....? . තවත් එකෙක් කියනවා ඌට දැනුන විදිහට ඒක මාර සුන්දරයි ලු. පස්සේ කාලෙක උගේ කටින්ම කියනවා "ගියා නම් තෝ තියන හැම මඟුලම අරන් පල, මට තොගේ අහවල් එක වැඩක්...
..... ඊයෙද මන්දා එලියට ආපු " ගිනි නරියා 4 " මම දාගත්තේ උඩ පැනගෙන ආතල් එකේ. පොර වගේ බාගෙන දාගත්තා, කට ඇරගෙන... දැම්මට පස්සේ තමා මම කට ඇරගෙන. මේ මඟුලේ IDM ( Internet Download Manager ) වැඩ නෑ. ඒක නැතුව මට මොන බ්‍රව්සර් එක තිබුණත්, ඒකෙ කොච්චර වැඩ කෑලි තිබුණත්...
මගේ මුළු ආත්මය සින්නක්කරව ලියා ගත්,රතු රෝස මල නුඹ...... කටු ඇනී හිල් වුණත් මා හද.... ලේ හැලී තෙත් වුණත් මා ගත.... අනෙකෙකු සතු උනත් අද .... රැකගනිමි ජීවිතය පුදා හෝ වරක්වත්, මගේ වූ සියුමැලිය නුඹ.....
සිංහලයා සිංහලබිමේ හරි හරි වැඩ කරන්නට පටන් අරන් තිබේ. රජ ෆන්, පිස්සු පීකුදු වෙන සයිස් එකට කරන්නට තරම් බුවාස්ලා වී තිබේ. නමුත් එය අප ජාතියේ අවසානයේ ඇරඹුමදැයි සැකයක් මතුවේ. මා මෙසේ කියන්නේ ඊයේ සයිබර් පිටුවක තිබූ වීඩියෝවක් දැකීමෙන් හා ඒ ගැන තොරතුරැ ලංකාවෙන් දැන ගැනීමෙන් පසුවය. කෙලින්ම කතාවට බැස්සොත්, මා...
මාගේ මාලිමාව නුඹම විය... ඒ මාලිමාවට උතුර සොයා ගත නොහැකි බව නොදැන සිටියෙමි...
ලොව සර්ව බලධාරී ශ්රේෂ්ටයානිවැරදිවම මවා ඇත්නම් සැම..... " එහි ".... අග්ගිස්ස කපාදමනු කිම.....? ශ්රේෂ්ටයාට වැරදුනාවත්ද......?
ආ ද ද ර ආ ය ය ආ ර ද ද ර ආ ය ය ආ ර ද කඳුලක් උනන්නේ නෙත් අඟින් උවදඕනෑම අවස්ථාවක කඳුලක සංයුතිය " ආදරය " බව, අවසානයේ මම සොයාගත්තෙමි........ ඔප්පු කලෙමි.......
ඉඳහිට දිනක යනවිට වැව රවුම පසුකර....තවමත් බලනවා හොරැහින් මං,වැව් තලය දෙස....සිනාසෙන දිය රැලි මතලොවට නොපෙනෙන ලෙස හිඳ,තවමත් සිනාසෙනවා නුඹ...... ඉරි තලා ගිය හදකටඅනෝරා වැසි අරන්හන්තාන අතරින්පාව එනවාද නුඹ...?
මම, මම වෙලා ඔහේ හිටියා...උඹ ආවා....උඹ මාව මැරැවා.... මම අපි විදිහට ඉපදුනා.... කාලෙකට පස්සේ, උඹ අපිව මැරැවා...උඹ උඹම වෙලා ඉපදුනා... මාව භූමදානය කලා....
එදා මට...... "ඔබමය සතුට...""ඔබමය කඳුල...""ඔබමය ලොවම මගේ....." කිව්ව ඔයා අද...? අද මං..... ලොවෙත් නෑ.... ලොවි ගහෙත් නෑ.......................
පළගැටියා දැල්ල හොයාගෙන යන්නේ පිච්චෙන බව නොදැන නෙවෙයි කළුවරේ දැනෙන ඒ සීතලට ඌ ඊට වඩා බය නිසයි.................
හිනා පෙත්තයි,කඳුළු පෙත්තයි,එකට අනලා හදාගත්ත..... හැමෝටම එක කාලෙකට හැදෙන එක විදිහක මොලේ අමාරැවකට බොන pissu පීකුදු වෙන ජාතියේ පෙත්තක්............ ද ?
මොකාද බන් කියන්නේ ලෝකෙ දකින්නේ ඇස් වලින් විතරයි කියලා...?මොකාද බන් කියන්නේ ඇහෙන්නේ කන් වලින් විතරයි කියලා....? මොන පිස්සුද බන්, ලස්සන පපුවක් නැති මිනිහෙක් මොනවද බන් දකින්නේ....?,කියපන් ඌ උගෙ ජීවිත කාලෙට මොනවද බන් අහන්නේ.....? ඉතින් මචං... උඹ මොන එකකටද බය වෙන්නේ..? මේ ලෝකෙ හරි ලස්සන තැනක් බන්. ජීවිතෙත් ඒ වගේ තමයි....
නිවුටන් මොන මඟුලකටද ඇපල් ගෙඩියක් වැටෙනකම් හිටියේ,ආදරයක් කියලා දෙයක් එයා හොයාගත්තා නම්, කඳුළු බිංදු වැටෙන්නෙත් පොළවටම තමයි කියලා දැනගන්න තිබුණානේ........
ෂයිලොක් තව හොඳයි කෙල්ලේ....... මොකද ඌ ඉල්ලුවේ පපුවෙන් මස් රාත්තලක් විතරමයි, ඒත් උ...ඹ..... ?